කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් දොළොස් දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී රුපියල් ලක්ෂ 2 බැගින් වූ ඇප මත සිසුන් මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ. මෙවැනි වැරදි යළි නොකරන ලෙස උපදෙස් ලබා දුන් මහේස්ත්‍රාත්වරිය එවැනි සිද්ධියක් වාර්තා වුවහොත් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද අවධාරණය කළා. පසුගිය 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරික්ෂණ සිදු කරනවා.