ඩෙංගු වසංගතය මර්දනය සදහා ඩ්‍රෝන තාක්ෂණය හදුන්වාදීමට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සුදානම් වනවා.
පසුගියදා එම ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ඩෙංගු වසංගතය මැඩලීමට මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීම හැකි ඉක්මණින් සමාජගත කළ යුතු බවයි. ඩෙංගු වසංගය පැතිර ඇති ස්ථාන ඉහල අහසේ සිට නිරික්ෂණය කිරිම මෙහිදි සිදුකරනවා.
පාසල්, රාජ්‍ය ආයතන, විශාල ගොඩනැගිලි සහ හිස්ඉඩම්වල ජලය එකතුවන ආකාරය නිරික්ෂණයට සහ ඡායාරූප වාර්තා ගැනීමට සහ පැතිර ඇති ස්ථානවලට බෙභෙත් ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි බවයි ආතර් සී ක්ලාක් ආයතනය ප්‍රකාශ කළේ.