පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ආන්දෝලොනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න මහතා ඇපමත නිදහස් කිරීමටයි අධිිකරණය නියෝග කළේ. ඒ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අවස්ථාවේදී.
මේ අතර රාජිත සේනාරත්න මහතා ඊයේ (13) රාත්‍රියේ නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් පිටව ගිය බවටයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.