කලාපයේ යුදමය වාතාවරණයක් උද්ගත නොවූයේනම් කැනඩා ජාතිකයන් 57 දෙනෙකු තවමත් ජිවතුන් අතර බව අගමැති ජස්ටින් ටෲඩෝ පවසනවා.
ඒ ග්ලෝබල් නිවුස් රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවක දී යුක්රේනයට අයත් යානයක් ඉරානය අත්වැරදීමකින් වෙඩි තබා බිමහෙළීම පිලිබද අදහස් දක්වමින්. අනතුරට ලක්වූ යානයේ සිටි 176 දෙනාගෙන් පනස් හත් දෙනෙකු කැනේඩියා ජාතිකයන්. ගැටුම් හා යුද්ධවලදී හැමවිටම අතරමැදිව සිටින මිනිසුන් පීඩාවට පත්වන බව කැනඩා අගමැතිවරයා තවදුරටත් පෙන්වා දෙනවා.
මෙම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග තමන් සාකච්ඡා කළ බවද ජස්ටින් ටෲඩෝ සදහන් කලා. කෙසේවෙතත් කලාපයේ ආතතීන් උත්සන්න වීමට ඇමරිකාවේ මැදිහත්වීම පිලිබදව ඔහු කිසිදු අවස්ථාවක ඇමරිකාවට දෝෂාරෝපණය කර නැහැ. නැවත කිසිදිනෙක මෙවැනි සිදුවීම් ඇතිනොවිමට කටයුතු කිරිම පිලිබදව ලෝක ප්රජාවගේ අවධානය යොමුවිය යුතු බවයි කැනඩා අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
ඉරානය විනාශකාරී අත්වැරැද්දක් සිදුකර ඇති බව ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර ගුවන් අනතුර පිලිබද සිදුකෙරෙන පරික්ෂණ සදහා කැනඩාවේ ප්රවාහන ආරක්ෂක මන්ඩලයට ඉරානය ආරාධනා කර ඇති බවද එරට වාර්තා සදහන් කළා. යානයේ කලු පෙට්ටියේ දත්ත ගවේෂණය සදහා සහාය ලබාදීමට සුදානම් බවයි ඊට ප්රතිචාර දක්වමින් කැනඩාව පවසන්නේ.