fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයලත් මනෝරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:43

ජයලත් මනෝරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ජයලත් මනෝරත්නයන්ගේ විෂය පරාසය තුළින් අපේක්ෂා කළ ආදරණීය පුරවැසියෙකු ගොඩනැගීමේ පියවරට රට අවතීරණ වී ඇති අවස්ථාවේ එතුමාගේ අභාවය සාහිත්‍ය මෙන්ම සමාජීය වශයෙන් බලවත් පාඩුවක් බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා පවසනවා.

ජයලත් මනෝරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් යොමු කරමිනුයි ජනාධිපතිතුමා  මේ බව සඳහන් කළේ. මහැදුරු එදිරිවීර සරචන්ද්‍රයන් සෙවනේ සිය කුසලතා පුබුදුකරගත් ජයලත් මනෝරත්නයන් වේදිකාව රංගනයෙන් හා නිර්මාණ ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ කලාකරුවකු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. සම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් උගත දේ තුළින් නව නිර්මාන සිදු කිරීම තුළ විශාල රසික පිරිසක් ඔහුවටා එක්වුණා. ඒ හේතුවෙන්ම ශ්‍රී ලාංකීය වේදිකාවේ විශිෂ්ඨතම නිර්මානකරුවන්ගේ නාම අතරට ජයලත් මනෝරත්න නාමයද එක්ව තිබෙනවා. වේදිකා නාට්‍ය මෙන්ම සිනමාව රූපවාහිනිය, ගේය පදරචනය, පිටපත් රචනය ඇතුළු සෑම කලා ක්ෂේත්‍රයකම නියැලෙමින් ඔහු කළ මෙහෙය මිලකළ නොහැකි බවයි ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් සදහන් කරන්නේ. මෙරට කලා කෙත පෝෂණයට සුවි‍ශේෂී සේවයක් කළ  ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයට සංවේගයට පත් පවුලේ ඥාතීන්ටත්, රසික සහෘදයන්ටත් ජනාධිපතිතුමා සිය සංවේගය පල කරනවා.

මේ අතර අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වන විට බොරලැස්ගමුව අබේරත්න මාවත සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිලිබදස අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්