මෙරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්රය පුළුල් කිරීම සඳහා ජපානය සහාය පළ කළා. ඒ ජපාන පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජපාන පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ මහතා අතර හමුව සිදුවුණේ අරලියගහ මන්දිරයේදීයි. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එසේම ජපාන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.
මේ අතර පිලිප් ගුණවර්ධන පාර්ලිමේන්තු කතා එකතුව 1960, 1964 ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණා. පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමයයි එය සම්පාදනය කර ඇත්තේ. එම සංගමයේ සභාපති ගීතාංජන ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා වෙත එම ග්‍රන්ථය පිරිනැමුවා. මෙරට කීර්තිමත් වාමාංශික දේශපාලන නායකයෙකු වූ පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසත් එවකට අවිස්සාවේල්ල මන්ත්‍රීවරයා ලෙසත් පාර්ලිමේන්තුවේ කළ කතා 140 ක් ඊට ඇතුළත්.
කොළඹ ගංගාරාම විහාරස්ථ නවම් මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාව පැවැත්වුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙවර නවම් මහා පෙරහැර ලබන මස 7 සහ 8 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පෙරහැර මංගල්‍යයේ සේවා සැපයීම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස උන්වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුලු සෙසු පාර්ශ්වවලින් ඉල්ලා සිටියා. පෙරහැර සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලු ආයතනවලට මෙහිදී දැනුම් දුන්නා.