රුසියාව, චීනය, ඇමෙරිකාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙරට සංචාරයට එක්ව සිටිනවා. රුසියා විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය ස්ර්ජි ලැව්රෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන මෙරටට පැමිණියා.
රුසියා විදේශ කටයුතු පිළිබද අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා ඇතුළු 42 දෙනෙකුගෙන් යුත් රුසියා දූත පිරිස කටුනායක ගුවන්තොටුපලින් අද උදෑසන මෙරටට පැමිණියා. ගුවන්තොටුපලේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිලිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතායි. ලොව සිටින ප්රවීණතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් තම රාජ්‍ය තාන්ත්‍රික වෘත්තිය ආරම්භ කළේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්. ඔහු මෙරට රුසියානු තානාපති කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර සිංහල භාෂාව හැසිරවීමට ද හැකියාවක් පවතිනවා.
මේ අතර චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා ද දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග පැමිණි චීන විදේශ අමාත්‍යවරයා පිලිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු පිරිසක් එක්වුණා. චීන විදේශ අමාත්‍යවරයා අද උදෑසන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයී. විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිලිබද සහකාර රාජ්‍ය ලේකම් ඇල්ස් වෙල්ස් මහත්මිය අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ දෙදින නිල සංචායක් සඳහායි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂාවෙන් සිටිනවා. ද්වීපාර්ශික හා කලාපීය කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.