fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 ඩකා රැලියේදී සිදු වු අනතුරකින් යතුරුපැදි ක‍්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:45

2020 ඩකා රැලියේදී සිදු වු අනතුරකින් යතුරුපැදි ක‍්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

2020 ඩකා රැලියේ 07වන අදියරේ දී සිදු වු යතුරුපැදි අනතුරකින් පෘතුගාල යතුරුපැදි ක‍්‍රීඩක පාවුලෝ ගෝන්සාල්වෙස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරගාවලියේ 07වන අදියර කිලෝමිටර් 546ක දුරකින් යුක්ත වනවා. රියාද් සිට වාදිඅල් දවාසීර් දක්වා ගමන් කරමින් සිටිය 40 හැවිරිදි ගොන්සාල්වේස් මෙම අනතුරට ලක් වුණා. අනතුර  සිදු වීමෙන් පසුව ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ මරණය  සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු සමග තරග කළ ඕස්ට්‍රේලියා ජාතික ටොබ් ප්‍රයිස් සහ ආර්ජන්ටිනා ජාතික කෙවින් බෙනාවිඩ්ස් අනතුරට පත් වූ අවස්ථාවෙදීම අනතුරු ඇගවිමේ පණිවිඩ නිකුත් කර ඇති අතර වෛද්‍ය කණ්ඩායම් රැගත් හෙලිකොප්ටර්යාන ළගාවන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. තම සහෝදර ක‍්‍රීඩකයා වෙත ශෝකය පළ කිරිම සඳහා ඊයේ දිනයට නියමිතව තිබු ඩකා යතුරුපැදි රැළියේ 08 වන අදියර අවලංගු කිරිමට සංවිධායකයින් කටයුතු කර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්