fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනිගත්හේනේ බස් අනතුරකින් 20 කට තුවාල (Photo)

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:34

ගිනිගත්හේනේ බස් අනතුරකින් 20 කට තුවාල (Photo)

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ සිදු වූ රියඅනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා. එකම හිමිකරුවකුගේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරෙන් තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. ගිනිගත්හේන දියගල නායයාමට ලක් වූ  ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකකුද වනවා. 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට මාරුකර යැවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්