fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:42

ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක්

ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වුවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය වර්ධනය කරගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බවයි ජපාන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුවීම මෙන්ම ආර්ථිකය ගොඩනැගෙමින් පැවතීම හේතුවෙන් ජපාන ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා සුබවාදී පරිසරයක් ගොඩනැගී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 2015 වසරට පෙර මෙරට පැවති  7%ක ආර්ථික වර්ධන වේගය යළි ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්