fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CRFC කණ්ඩායම සමග පැවති අන්තර් සමාජ රග්බි තරගයේ ජය හැව්ලොක් ක‍්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:52

CRFC කණ්ඩායම සමග පැවති අන්තර් සමාජ රග්බි තරගයේ ජය හැව්ලොක් ක‍්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ  සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමග පැවති පළමු අදියරේ තරගය ලකුණු 30ට 22ක් ලෙස ජය ගැනිමට හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම සමත් වුණා.

හැව්ලොක් ක්‍රිඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම ලකුණු 15 ක් ලබා සිටියා. එම අර්ධයේදී සිආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලබා සිටියේ ලකුණු 12ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී ආක්‍රමණශීලි තරග රටාවක නිරත වු හැව්ලොක් ක්‍රිඩා සමාජ කණ්ඩායම ලකුණු 30ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 04ක්, ප්‍රවර්තන 02ක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත්. එම අර්ධයේදී සීආර් ඇන්ඩ් එෆ්සී රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 22 ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්