ඉරාන හමුදා නායකයාගේ ඝාතනය පිළිබඳ වාර්තාවක් නිකුත් වුණා. එන් බී සී ආයතනයයි එය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.
මීට මාස හතකට පෙර සුලෙයිමානි ඝාතනය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව ඇති බවයි එහි දක්වා තිබෙන්නේ. තානාපති කාර්යාල 4 කට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් කළ බවට ඇමරිකා ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා තීරණයට එළඹ ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ. කෙසේවෙතත් ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් කිසිඳු මතයක් ප්‍රකාශයට පත්කර නැහැ. මේ වනවිටත් ඇමරිකාව සහ ඉරානය අතර පවතින්නේ දැඩි මතභේදාත්මක වාතාවරණයක්. ගැටලු සාමකාමීව විසඳා ගන්නා ලෙසටයි ජාත්‍යන්තරය ඉල්ලීමක් කළේ.