fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

NIBM ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 19:28

NIBM ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයට මෙම වසර සඳහා අතිරේක සිසුන් එක්දහස් පන්සිය දෙනෙකු බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

ටොරින්ටන් පිහිටි එන් අයි බී එම් ආයතනය වෙත පැමිණි අමාත්‍යවරයා එහි කටයුතු සොයා බලමින් සිසුන් සමගද අදහස් හුවමාරු කර ගත්තා. සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියට අනුව එන් අයි බී එම් ආයතනය මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එන් අයි බී එම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ කුලසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 19:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්