fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 18:20

ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා

අභාවප්‍රාප්ත රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතයි.

කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. අඩසියවසක් පුරා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව තුළ සිය රංගන පරාසයන් මනාව පිළිබිඹු කිරීමට ජයලත් මනෝරත්නයන්ට හැකි වුණා. ඔහුගේ අති විශිෂ්ඨ නිර්මාණ හැකියාව වෙනුවෙන් අවස්ථා රැසකදීම සම්මානයට පාත්‍ර වුණා. අනාගත පරපුරේ කලා හැකියාවන් වර්ධනයට ද ජයලත් මනෝරත්නයන් සිදු කළ මෙහෙය අතිමහත්. ඒ මහතාගේ දේහය මේ වන විට බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙවා. අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්