කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ බෞද්ධාලෝක මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදීයි.
තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ තර්ස්ටන් විද්‍යාලයීය විදුහල්පති කේ වී ඒ ලක්ෂ්මන් ඩයස් මහතා ඇතුලු පිරිසක් විසිනුයි. අනතුරුව 70 වන සංවත්සරය සනිටුහන් කරමින් නා පැලයක් රෝපණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. එහි සමරු ඵලකය ද මෙහිදී නිරාවරණය කෙරුණා. අනතුරුව පැවති සංවත්සර උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට රජය මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Lya-U2J7Nbk”]