දිවයින පුරා සියළුම රෝහල් හා සෞඛ්‍ය ආයතන පරිගණක ජාල ගත කිරීමේ කටයුතු 2023 වන විට අවසන් කරන බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණයි. බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීමේ දීප ව්‍යාප්ත සේවාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇති බවයි මෙහිදී හෙළි වුණේ. මේ සදහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවා.