පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රිය වීම හේතුවෙන් ලක්ෂ 5කට වැඩි පිරිසක් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා. ගිනිකන්ද දින තුනක් පුරා සක්‍රිය තත්ත්වයේ පවතින අතර එය මාස 7ක් දක්වා පැවතිය හැකි බවද එරට භූ විද්‍යා අංශ අනතුරු අගවනවා.
මැනිලා නුවර ආසනන්යේ වන, ලූසන් දිවයිනේ පිහිටි තාල් ගිනි කන්ද ආශ්රිත ප්‍රෙදේශයේ ලක්ෂ අටකට ආසන්න ජනතාවක් පදිංචිව සිටිනවා. එම ජනතාවගෙන් ලක්ෂ පහකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. එරට වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි මෙය සැලකෙන්නේ. ගිනිකන්දෙන් ලාවා සහ අලු පිටවීම ආරම්භ වීමත් සමග ජනතාව ඉවත් කෙරුණේ. දරුණු පිපිරීම් සමග ලාවා පිටවිය හැකි බව භූ විද්‍යා අංශ පවසනවා. ගිනිකන්දෙන් දරුණු විෂ වායූ සමග දුම නිකුත් වන බවද සදහන්. හතරවන මට්ටමේ අනතුරු ඇගවිම් නිකුත් කර ඇති අතර දරුණුතම අනතුරු ඇගවීමේ මට්ටම 5 බවයි සැලකෙන්නේ. ප්‍රමාණයෙන් කුඩා එහෙත් ලෝකයේ භයානයකම ගිනි කදුවලින් එකක් වන මෙය උසින් මීටර් 311ක් වනවා. ගිනි කන්ද අවසන්වරට සක්‍රිය වී තිබෙන්නේ 1977 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වායි. මේ වන විට මැනිලා නගරය දුමාරයෙන් පිරී පවතිනවා.