ප්රංශයේ විශ්රාම වැටුප් ප්රතිසංස්කරණ යෝජනාවට විරෝධය පළකරමින් දහස් ගණනක් ප්රංශ වැසියන් උද්ඝෝෂණවල නිරතවනවා.
ගුරුවරුන්,නීතීඥවරුන් සහ කම්කරු නියෝජිතයින් ඇතුළු රැසක් මෙම උද්ඝෝෂණ සදහා එක්ව සිටිනවා. පැරිස් නගරයේ නැගෙනහිර ප්රදේශයට එක්වූ දස දහස් ගණනක් උද්ඝෝෂණ කරුවන් මෙම විශ්රාම වැටුප් ප්රතිසංස්කරණයට විරෝධය පළකරමින් සිටිනවා. ඔවුන් ප්රංශයේ ජාතික චතුරස්රයේ සිට මහජන චතුරස්රය දක්වා පා ගමනින් ගොස් සිය විරෝධය පළකළා. පිරිස විසිරුවා හැරීමට කදුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කිරීමටයි ප්රංශ පොලිසිය කටයුතු කළේ.