එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ කසල කන්ටේනර් පිලිබද අධිකරණ නියෝග පැහැරහැරීම නිසා රජයේ රස පරික්ෂකවරයා සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද අධිකරණ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ ලේකම්වරයාට,නීතිපතිවරයාට නියෝග කළා.
කොළඹ වරායේ සහ කටුනායක නිදහස් කලාපයේ රදවා ඇති මෙම කසල කන්ටේනර් පිලිබදව රස පරික්ෂකවරයාගේ වාර්තාවක් සපයන ලෙස අවස්ථා තුනකදී නියෝග කර තිබුණත් ඒ අනුව කටයුතු නොකිරීම හේතුවෙනුයි අභියාචනාධිකරනය මෙම නියෝගය නිකුත් කළේ. අදාළ කන්ටේනර් සම්බන්ධයෙන් ගනු ලබන පියවර මීලග නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ රේගු අධ්යක්ෂ ජෙනරාල්වරායට නියෝග කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ රීට් පෙත්සම සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය හා කැලිකසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයද ඒ අයුරින්ම පවත්වාගෙන යාමටයි අධිකරණය නියෝග කළේ. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ කිසිදු නියෝගයක් මෙම කන්ටේනර් ප්රතිනැව් ගත කිරීමට කිසිදු ආකාරයේ බාධාවක් නොවන බවයි මෙහිදී සදහන් කළේ.