fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැනිලා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:41

මැනිලා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් යළි ඇරඹෙයි

තාවකාලිකව නවතා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කළ බව පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහන් කළා.

ටාල් ගිනි කන්ද සකී‍්‍රයවීමත් සමඟ සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමටයි පියවර ගැනුණේ. අද උදෑසන සිට කොටසක මෙහෙයුම් ආරම්භවූ බව ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළා. ගිනි කන්දෙන් ලාවා ගලායාම හේතුවෙන් අවට ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අට දහසක පමණ පිරිසක් රැඳවුම් මධ්‍යස්ථාන 38 කට යොමුකර ඇති බවයි පිලිපීන මාධ්‍ය වාර්තා කළේ. මැනිලා අගනුවර රජයේ කටයුතු සහ පාසල් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ද බලධාරින් නියෝග කර තිබෙනවා. ටාල් පිලිපීනයේ දෙවන විශාලතම සකී‍්‍රය ගිනි කන්ද ලෙසයි සැලකෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්