fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13වන දකුණු ආසියා ක‍්‍රීඩා උළලේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:34

13වන දකුණු ආසියා ක‍්‍රීඩා උළලේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් හෙට

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13වන දකුණු ආසියා ක‍්‍රීඩා උළලේදී දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්විමට නියමිතයි. ඒ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ  රගහලේදීයි.

13වන දකුණු ආසියා ක‍්‍රීඩා උළලේදී රන්, රිදි, ලෝකඩ පදක්කම් දිනා ගත් ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙත ජාතික ක්‍රිඩා අරමුදල මගින් මුදල් ත්‍යාග පිරිනැමිමට නියමිතයි. ඒ අනුව රන් පදක්කමක් සදහා රුපියල් ලක්ෂ 05ක මුදලක්ද, රිදි පදක්කමක් සදහා රුපියල් ලක්ෂ 03ක මුදලක් ද, ලෝකඩ පදක්කමක් සදහා රුපියල් ලක්ෂ 02ක මුදලක් ද ලබා දෙන අතර ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුකරුවන්ද ඇගයීම මෙහිදි සිදු කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්