ප්රදේශ කිහිපයක අද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කළා. ඒපෙරවරු 8 සිට පැය 24 ක කාලයක් වෙනුවෙන්.
පෑලියගොඩ, වත්තල, මාබෝල නගර සභා බලප්රදේශය මෙන්ම කැළණිය ප්රාදේශිය සභා බලප්රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්රදේශ වලටයි ජල සැපයුම අත්හිටුවන්නේ. එමෙන්ම බියගම ප්රාදේශීය සභා බලප්රදේශයේ මඟුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ පෙරේරා මාවත, ගෝණවල, පමුණුවිල සහ බතලහේන ප්රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.