පිලිපීනයේ ටාල් ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබෙනවා.
මේ වන විට ගිනිකන්දේ අලු ඉහළට නැගෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එරට බලධාරීන් අනතුරු අඟවමින් කියා සිටින්නේ ඉතා අනතුරුදායක පිපිරීමක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවයි. මේ වන විට පුද්ගලයන් 8000 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන්නේ ටාල් ගිනිකන්දයි.