සසෙක්ස් ප්‍රාන්තයේ ආදිපාදවරයා හා ආදිපාදවරිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බ්‍රිතාන්‍ය මහ රැජිණ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් කැඳවා තිබෙනවා.
සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු හා ආදිපාදවරිය වන මේගන් මර්කල් කුමරිය සිය රාජකීය තනතුරු අත්හරින බවට පසුගිය සතියේදී නිවේදනය කළා. මූල්‍ය නිදහස තහවුරු කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මහරැජිණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගැනීමට නියමිතයි. රාජකීය පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තීරණය සමඟ රාජකීය පවුල තුළ සිත් රිදීමක් ඇතිව තිබෙන බවයි. ඔවුන්ගේ තීරණයට පෙර මහරැජිණගේ මතය විමසා නොතිබීම ඊට ප්‍රධාන හේතුවයි. මේගන් මර්කල් කුමරිය මේ වන විට කැනඩාවේ වාසය කරනවා. ඇය දුරකථනය ඔස්සේ රාජකීය සාකච්ඡාවට එක්වනු ඇති. හැරී කුමරු සාකච්ඡාවට සහභාගි වන අතර චාල්ස් කුමරු ද ඕමානයේ සංචාරයක නිරතව සිටිනවා.