අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට ඇස්තමේන්තු කළ මුදලින් රුපියල් බිලියන 68 ක මුදලක් කිසිදු ඉදිකිරීමක් නොකර කොන්ත්‍රාත් සමාගමට පියවා ඇති බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පසුගිය රජය යටතේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම් සිදු කර තිබුණ ද කිසිදු ඉදිකිරීමක් සිදුකර නැති බව එම නිරීක්ෂණ චාරිකාවේදී හෙළිවුණා. හෙදියන් සඳහා ඉදිකෙරෙන නේවාසිකාගාරයේ කටයුතු අතරමග නවතා දමා ඇති අයුරු ද දක්නට ලැබුණා.