ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරයක් ස්ථාපනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව හා මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනය කරන්නේ. එම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධ කල්ලි , කප්පම්කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු මෙහෙයුම් මැදිරියට ලබා දිය හැකියි.
ඒ සඳහා 0112 580 518 / 0112 058 552 / 0112 500 471 / 0112 506 588 / 0112 589 741 යන දුරකථන අංක ද 0112 588 489 සහ 0112 081 044 යන ෆැක්ස් අංක ද විවෘතව පවතිනවා.