ඕමාන් රාජ්‍යයේ සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් තුමාගේ අභාවය පිලිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය බලවත් සංවේගය පල කළා. ශ්‍රී ලංකාවට ද දයාබර මිතුරෙකු අහිමි වූ බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ.
ඕමාන් රාජ්‍යයේ නව සුල්තාන් හයිතාම් බින් තරීක් අල් සෙයිද් තුමා වෙත පණිවුඩයක් යොමුකරමින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ශෝකය පල කර සිටිනවා. කබූස් බින් සෙයිද්තුමාගේ ධූරදර්ශී නායකත්වයෙන් ඕමානය පසුගිය වසර 50 තුළ ප්රගතිශීලී සහ සාමකාමී ජාතිකයක් බවට පරිවර්ථනය වූ බවයි. එතුමාගේ අභාවයත් සමග ඕමානයට සහ ලෝකයට කැපවීමෙන් යුත් ජාතික නායකයකු අහිමි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා ඕමාන සබඳතා ශක්තිමත් කිරීමට එතුමා ලබා දුන් දායකත්වය ද ජනාධිපතිතුමා සිහිපත් කරනවා. ඕමාන් රජපවුලේ සාමාජිකයන්ට, රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජයේ මෙන්ම ජනතාවගේ කණගාටුව පල කරන බවද එම පණිඩුවයේ සඳහන්.