දිවයිනේ සෑම සංචාරක කලාපයක්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. ඒ ආශ්රිත රැකියා සිදු කරන පිරිස්වල ආර්ථික තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දෙමෝදර දුම්රිය ස්ථානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඇල්ල සංචාරක නගරයට පැමිණෙන සෑම සංචාරකයෙකුම දෙමෝදර දුම්රිය ස්ථානයේ පවතින සුවිශේෂී භූ විෂමතාව හේතුවෙන් එය නැරඹීමට පැමිණෙනවා. ඒ හේතුවෙන් ඇල්ල දුම්රිය ස්ථානයේ අධික මගී තදබදයක් ද මේ දිනවල දැකගත හැකියි. දෙමෝදර දුම්රිය ස්ථානය නැරඹීම සදහා නැරඹුම් මැදිරියක් සකස් කරන්නේ නම් එය සංචාරක කර්මාන්තය වෙනුවෙන් මහගු පිටිවහලක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
මේ අතර ගාල්ල හික්කඩුව ආශ්රිත ප්‍රදේශවල ද සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණා. එහෙත් මේ වන විට ගාල්ල , හික්කඩුව , මිරිස්ස යන ප්‍රදේශවල සියලු සංචාරක හෝටල් පිරී ගොස් ඇති බව එහි හිමිකරුවන් පවසනවා. එම ප්‍රදේශවල වැඩි වශයෙන් සිදුකෙරෙන ලී කැටයම්වලට ද ඉහළ ඉල්ලුමක් පවතින බවයි කර්මාන්තයේ නිරතවූවන් පවසන්නේ.