fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක විමර්ශන හෙට සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 09:31

රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක විමර්ශන හෙට සිට

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ ආන්ද්‍යෝලනාත්මක දුරකථන සංවාද ඇතුලත් හඬපට සම්බන්ධයෙන් හෙට සිට විමර්ශන ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මන්ති‍්‍රවරයා සතුව තිබි සොයාගත් දුරකථන සංවාද ඇතුලත් සිඩී තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නුගේගාඩ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගියදා කොලඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය ඒවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදි තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ නිවසේ තිබි සොයාගත් බලපත‍්‍රය කල්ඉකුත්වු ගිණි අවිය ද රස පරික්ෂක දෙපාර්තමේන්තුවට භාරදිමටයි පියවර ගෙන ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්