විනයගරුක හා සාධාරණ සමාජයක් ගොඩනැගීම සදහා බාලදක්ෂ ව්‍යාපාරයට විශාල වගකීමක් පැවරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ‘‘හොඩෝරි 2020“ හෝමාගම දිසා බාලදක්ෂ කදවුරරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qiYgAUlJ52s”]
නව ලොවකට නව දැක්මක් යන තේමාවෙන් මෙවර මෙම දිසා බාලදක්ෂ කදවුර පැවැත්වෙනවා. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදීයි එය පැවැත්වෙන්නේ. බාලදක්ෂ කණ්ඩායම් 27 කට අයත් බාලදක්ෂයින් 800 කට ආසන්න පිරිසක් මීට එක්ව සිටිනවා.
හෝමාගම දිසා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් අනිල් පෙරේරා මහතාගේ උපදෙස් මතයි මෙය සංවිධාන කෙරෙන්නේ. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද මෙහිදී අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rFJsT_rSbZE”]