fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

T20 තරඟාවලියේ ජය ඉන්දීයාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2020 09:56

T20 තරඟාවලියේ ජය ඉන්දීයාවට

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් 20 යි 20 තරඟය ලකුණු 78 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. ලෝකේෂ් රාහුල් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වුණා. ශිකර් ධවාන් ලකුණු 52 යි. පන්දු යැවීමේදී ළහිරු සඳකැන් කඩුලු තුනක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 123 ක්. කී‍්‍රඩකයන් 9 දෙනෙකුට ලකුණු දහයේ සීමාව ඉක්මවා යාමට නොහැකිවීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේදී නවුදීප් ශයිනි කඩුලු තුනක් බිඳ හෙලීමට සමත් වුණා. තරඟාවලියේ ජය හිමිවුණේ ඉන්දියාවටයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2020 09:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්