fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහපොළ ශිෂ්‍යාධාරය සෑම මාසයකම 15 වනදාට පෙර

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:59

මහපොළ ශිෂ්‍යාධාරය සෑම මාසයකම 15 වනදාට පෙර

සරසවි සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාරය සෑම මසකම 15 වනදා වනවිට බැංකු ගිණුමට බැර කිරීමට පියවර ගන්නා බව මහපොළ භාරකාර අරමුදල ප‍්‍රකාශ කළා.

පසුගිය මාසයට අදාළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප‍්‍රමාදයක් සිදුවුණා. එම හිඟ මුදල් ලබන සතිය වනවිට මුළුමණින්ම සිසුන් වෙත ලබාදී අවසන් කරන බවයි මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ පරාක‍්‍රම බණ්ඩාර මහතා පෙන්වාදෙන්නේ.

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට රජය තීරණය කළා. ඒ සරසවි සිසුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව. සරසවි සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (09) විරෝධතා පාගමනකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා. ඉන්පසු ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්