fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරගහකන්ද ජල කාන්දුව පිළිබඳ භූ විද්‍යාත්මක පරීක්ෂණ ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:56

මොරගහකන්ද ජල කාන්දුව පිළිබඳ භූ විද්‍යාත්මක පරීක්ෂණ ඇරඹෙයි

මොරගහකන්ද වේල්ලේ හටගත් ජල කාන්දුව පිළිබද භූ විද්‍යාත්මක පරීක්ෂණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ආරම්භ කර තිබෙනවා.

මෙම පරීක්ෂණය අවසානයේ ඒ පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට භාර දීමට නියමිතයි.

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ හටගත් ජලකාන්දුව සහිත භූමියේ භූ ස්ථාවරභාවය පිළිබද මෙහිදී අවධානය යොමු කෙරෙනවා.

එසේම ජල කාන්දුවේ ගැඹුර සහ එය කුමන දිශාවකින් ආරම්භ වූවාද යන්න පිළිබද අධි තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන පරීක්ෂණය ආරම්භ කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්