ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ධුරයට සහකාර පොලිස් අධිකාරී ඒ ආර් පී ජේ අල්විස් මහතා පත්කර තිබෙනවා.
ඒ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ පී ඩී ජයසිංහ මහතා විනය හා කල්කි‍්‍රයා කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත්කිරීම හේතුවෙන්.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ සේවා අවශ්‍යතා මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.