fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා හා චීන විදේශ අමාත්‍යවරුන් ලබන සතියේ දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 16:54

රුසියා හා චීන විදේශ අමාත්‍යවරුන් ලබන සතියේ දිවයිනට

රුසියා හා චීන විදේශ අමාත්‍යවරුන් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් හා චීන විදේශ අමාත්‍ය වෑන් යි යන මහත්වරුන් මෙසේ දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ. ලොව සිටින ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් තම රාජ්‍ය තාන්ත්‍රික වෘත්තිය ආරම්භ කළේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්. ඔහු මෙරට රුසියානු තානාපති කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර සිංහල භාෂාව හැසිරවීමට ද හැකියාවක් පවතිනවා.

මේ අතර චීන විදේශ අමාත්‍ය වෑන් යි මහතා ද ලබන සතියේ මෙරටට පැමිණි අතර ඔවුන් දෙදෙනා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමෙරිකා ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන 13 හා 14 යන දෙදින තුළ මෙරට සංචාරයකට එක්වීමට නියමිතයි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂාවෙන් පසුවනවා. ද්වීපාර්ශික හා කලාපීය කරුණු රැසක් පිළිබද මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්