රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
කලාවෙන් පෝෂිත ජන සමාජයක් දැක්ම කරගනිමින් රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කෙරුණේ 2010 මාර්තු 30 වනදායි. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම ටෙලි සිනමා ගම්මානයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද ඊට එක්ව සිටියා. අක්කර 235 කින් සමන්විත මෙම ටෙලි සිනමා ගම්මානය දෙස් විදෙස් කලා නිර්මාණ සදහා දර්ශන පසුතල මෙන්ම චිත්රාගාර පහසුකම් ලබාදීම සිදු කරනවා. දෙස් විදෙස් නිර්මාණ රැසක් ද මෙහිදී සිදුකර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Dvc626WKbHw”]