fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බවුසර් වලින් අල්ලස් ලබා ගනිමින් ගමන් වාර ලබා දෙන නිලධාරීන්ට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 15:19

බවුසර් වලින් අල්ලස් ලබා ගනිමින් ගමන් වාර ලබා දෙන නිලධාරීන්ට වැඩ වරදී

පුද්ගලික බවුසර් සදහා අල්ලස් ලබා ගනිමින් ගමන් වාර ලබා දෙන නිලධාරීන් ගැන වහාම විමර්ශන වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් පුද්ගලික ඉන්ධන බවුසර්වලට ගමන්වාර ලබා දෙන බවට එහි සේවකයන් අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා. තමන්ට හිතු මතේ ඉන්ධන බෙදාහැරීමේ කාර්යාලය වසා දමා සේවා අඩාල කරන බවටද ඔවුන්ට චෝදනා එල්ල වුණා. රාජකාරි වේලාවන්හි මොවුන් මත්පැන් පානය කරමින් සිටින බවත් එම නිසා ඉන්ධන බෙදාහැරීම් කලට වේලාවට සිදු කිරීමේ අපහසුතා මතු වන බවත් සේවක පිරිස අමාත්‍යවරයාට කළ පැමිණිල්ලේ සදහන්.

ඒ අනුවයි අදාළ නිලධාරීන් ගැන විමර්ශන සිදු කර තමන්ට වාර්තා කරන ලෙස අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo