fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ පලමු චන්ද්‍රග‍්‍රහණය රාත‍්‍රීයේදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:16

වසරේ පලමු චන්ද්‍රග‍්‍රහණය රාත‍්‍රීයේදී

නව වසරේ පලමු චන්ද්‍රගහණය අද (10) රාත‍්‍රියේ සිදුවනවා. ඒ රාත‍්‍රී 10.28 ට.

එහි උච්චතම ග‍්‍රහණ අවස්ථාව මධ්‍යම රාත‍්‍රිය පසුවි විනාඩි 40 ක් ගතවු පසු සිදුවන බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශක කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.

තවත් ඡායා චන්ද්‍රග‍්‍රහණ හතරක්ම මේ වසරේදී දැකගත හැකි බවයි චන්දන ජයරත්න මහතා සදහන් කළේ. වලයාකාර සුර්යග‍්‍රහණයක් සහ පුර්ණ සුර්යග‍්‍රහණයක් ද දැකගැනීමට අවස්ථාව පවතිනවා. ජුනි මස 21 වනදා දිස්වන සුර්යග‍්‍රහණය ශ‍්‍රිලංකාවාසීන්ට ඉතා හොදින් දැකගත හැකි බවද ජයරත්න මහතා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්