fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන රූපවාහිනී ප්‍රේක්‍ෂකයින්ට සුබ ආරංචියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:40

ස්වාධීන රූපවාහිනී ප්‍රේක්‍ෂකයින්ට සුබ ආරංචියක්

ස්වාධීන රූපවාහිනිය නව ගමනකට මුලපුරා තිබෙනවා. එහි එක් අදියරක් ලෙස සම්භාව්‍ය ටෙලි නාට්‍ය සහෘද ප්‍රේක්‍ෂකයාට දායාද කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පවුලේ නාලිකාව ලෙස ජනාදරයට පත්ව ඇති ස්වාධීන රූපවාහිනිය සෑම විටම හරවත් හා උසස් නිර්මාණ ප්‍රේක්‍ෂක ජනතාව වෙත ලබා දීමට උත්සාහ දරනවා.

වත්මන් සභාපති සුදත් රෝහණ මහතාගේ සංකල්පයකට අනුව ගුණාත්මක බවින් යුත් සම්භාව්‍ය ටෙලි නාට්‍ය ඉදිරි දිනවලදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වුණේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන්ගේ සහභාගිත්වයෙන්.

ස්වාධීන රූපවාහිනී ඉදිරි ගමනට තම සහාය ලබා දෙමින් උසස් නිර්මාණ ස්වාධීන රූපවාහිනිය වෙත ලබා දීමට කටයුතු කරන බව සාකච්ඡාවට එක්ව සිටි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්