fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:07

කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැරේ අවසන් පෙරහැර මංගල්‍ය  ඊයේ (09)  රාත්‍රියේ පැවැත්වුණා. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මංගල හස්ති රාජයා මත සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර කටයුතු ආරම්භ වුයේ. කැළනිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදීයි පින්කම සංවිධාන කෙරුණේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.  අලි ඇතුන් සහ නර්ථනාංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීමට ද විශාල ජනකායක් මග දෙපස රැස්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo