මාලබේ කාර්මික තාක්ෂණ ආයතනයට ලැබී ඇති යන්ත්‍රෝපකරණ සවිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මාලබේ කාර්මික තාක්ෂණ ආයතනයට චීන රජයෙන් යන්ත්‍රෝපකරණ රැසක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබෙනවා.
එහෙත් ඒවා මෙතෙක් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඒවා සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්.
ඒ සදහා මැදිහත් වන ලෙස අදාළ චීන සමාගම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අමාත්‍යවරයා මාළබේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zY2wmLk4YpY”]