වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාත්රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
රටවල් 16 ක සහභාගීත්වයෙන් යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්රිකාවේදීයි. නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව, නවසීලන්තය සහ ජපානය සමගින් තරගවදිනු ඇති.
තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලට එක්වුණා.