fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්ත සදහා යටිතල පහසුකම් සංවර්ධනයට රජයෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 10:52

බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්ත සදහා යටිතල පහසුකම් සංවර්ධනයට රජයෙන් තීරණයක්

බෝට්ටු සහ නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළේ.

ඒ බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තයේ නිරත ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

මේවන විට බෝට්ටු තටාකාංගන 25 ක් ක‍්‍රියාත්මක වනවා. ඒවායෙහි ඔරු , හඹල්, බෝට්ටු , ධීවර යාත‍්‍රා සහ වෙනත් බෝට්ටු වර්ග මෙන්ම වෙරල සංරක්ෂණ යාත‍්‍රා ද නිෂ්පාදනය කෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්