ජලාශවල ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
ඒ මාර්තු මාසය වනවිට ඇතිවිය හැකි වියලි කාලගුණ තත්වයත් සම්බන්ධයෙන් දැනුම් දෙමින්. දැනට සියලු ජලාශවල සැලකිය යුතු ජල මට්ටමක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
කෙසේවෙතත් මාර්තු මාසය වනවිට ඇතිවිය හැකි වියලි කාලගුණයත් සමග ජල මට්ටම සීග්‍රයෙන් අඩුවිය හැකි නිසා ඒ පිලිබදව විශේෂ අවධානයක් යොමුකර කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.