fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 10:04

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කෙරෙන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනෙකයි. මහියංගනයට වැඩි උන්වහන්සේ යක්‍ෂයන් දමනය කළා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණයකර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් මිටක් ලබාදීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවුණා. එම කේෂධාතු තැන්පත්කර මහියංගන මහා සෑය ඉදිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙන එන්නේ කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාම විහාරස්ථානයේ සිටයි. දාන, ශීල, භාවනා ඇතුලු පිංකම් රැසක් අද පෙරවරුවේ සිටම එම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ලක්හඬ ගුවන්විදුලිය ගෙන එන ශාසනාලෝක වැඩසටහන පැවැත්වෙන්නේ ද කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාම විහාරස්ථානයේ දීයි. සාමනේර භික්ෂූන් වහන්සේට ධර්ම ග්‍රන්ථ පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජාකළ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමේ පිංකමක් ද මෙහිදී සිදුකෙරුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්