ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්වය පිලිබදව අනියත බියක් ඇතිකර නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
දැනට පවතින්නේ සාමාන්‍ය රෝගි තත්වයක්. එය නව වෛරසයකින් හටගත් තත්වයක් නොවන බවයි සෞඛ්‍ය අමාතයාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් පවතින තත්වය පිලිබදව කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමුකිරිම ඉතා වැදගත්. අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීම සහ අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන් වලින් වැලකීම ඉතා වැදගත් බවයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලදී ඇත්නම් කඩිනම් ප්‍රතිකාර සදහා යොමුවන ලෙසද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.