ගෝන මස් තොගයක් සමඟ සැකකරුවෙකු අක්කරෙයිපත්තු ප්රදෙශයේ දි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අළෙවි කිරිමට සූදානම් කර තිබු ගෝන මස් කිලෝ ග්රැම් 12 ක් ද සොයා ගැනුණා. 26 හැවිරිදි සැකකරු එම ප්රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු සහ ගෝනමස් තොගය පිළිබද ඉදිරි විමර්ශන අක්කරෙයිපත්තු පොලිසිය සිදුකරන බවයි නාවික හමුදාව සදහන් කළේ.