ජාතික රෝහලේ හා පිට පලාත් රෝහල්වල පවත්නා ගැටළු පිලිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ අවධානය යොමු කළා.
කොළඹ ජාතික රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීයී ජනාධිපතිතුමා මේ පිලිබද සොයා බලා ඇත්තේ.
අද (09) දහවල් ජාතික රෝහලට පැමිණි ජනාධිපතිතුමා බාහිර රෝගී අංශයේදී රෝගීන් සමග කතාබහක නිරත වුණා. මෙහිදී ඔවුන් පිලිබද තොරතුරු සොයා බලා තිබෙනවා. ජනාධිපතිතුමා රෝගීන්ගේ ගම්, ප්‍රදේශ පිලිබද විමසූ අතර දුරබැහැර ප්‍රදේශවල සිට ඔවුන් ජාතික රෝහලට පැමිණීමට හේතු සොයා බැලුවා. කොළඹින් පිට පළාත්වල රෝහල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් මෙම පිරිස ජනාධිපතිතුමා දැනුවත් කළා.
ජාතික රෝහලේ පවත්නා ගැටළු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xvKVBLIsx7w”]