fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී කුමරු සහ මේගන් කුමරිය ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 10:53

හැරී කුමරු සහ මේගන් කුමරිය ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කරයි

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ ආදිපාදිවරිය වන මේගන් කුමරිය ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

හැරී කුමරු සහ මේගන් කුමරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රාජකීයයන් ලෙස නොව මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම සඳහා තමන් දෙදෙනා රැකියා කටයුතු සිදු කරන බවයි. එක්සත් රාජධානියේ සහ උතුරු ඇමෙරිකාවේදී ඔවුන් ඒ සඳහා කාලය යොමු කරන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එම ප්‍රදේශවල රැකියා කටයුතු කළද රැජිනගේ සහ රාජකීය වැඩකටයුතු සඳහා සහභාගී වන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ මෙය ප්‍රකාශ කිරීමට පෙර රැජින හෝ විලියම් කුමරු ඇතුළු කිසිඳු රාජකීයගෙන් මේ සඳහා උපදෙස් ලබා ගෙන නොමැති බවයි. එමෙන්ම බකිංහැම් මාලිගය මේ සම්බන්ධයෙන්  කනස්සල්ලට පත්වී ඇති බවද බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2020 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්