fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 18:16

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම දිනය අද

සඟ, වෙද, ගුරු, ගොවි,කම්කරු පංච මහා බලවේගය ගොඩනගමින් පොදුජන යුගයක් ඇරඹූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා.

මෙරට සිව් වන අග්‍රාමාත්‍යවරයා වූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්වුණේ 1959 වසරේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ද බණ්ඩාරනායක මහතායි. මෙරටට සර්වජන ඡන්දය ලැබීමත් සමග ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වන ඒ මහතා සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, චීනය රුසියාව වැනි රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීම ඇතුලු දැවැන්ත කාර්යභාරයක් ඒ මහතා රට වෙනුවෙන් ඉටු කළා.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම දින සැමරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා.

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු පවුලේ ඥාතීන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අද පෙරවරුවේ එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2020 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්